යුරෝපා සංගමයේ “301 යාන්ත්‍රණයට” චීනයේ දැඩි විරෝධය

Share

යුරෝපා සංගමයේ ඇතැම් සාමාජික රටවල් විසින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන බවට වාර්තා වන ‘චීන වෙළඳ ක්‍රියාමාර්ග මර්දනය කරන 301 යාන්ත්‍රණය’ ආරක්ෂණවාදයේ සහ ඒකපාර්ශ්විකවාදයේ පියවරක් බව චීනය ඊයේ (29) ප්‍රකාශ කළේය. එය දෙපාර්ශ්වය අතර වෙළඳාමට මෙන්ම ගෝලීය කාර්මික හා සැපයුම් දාමවල ස්ථාවරත්වයට බාධාවක් බව චීනය අවධාරණය කර තිබේ. 301 යාන්ත්‍රණය වේගවත් කර, චීනයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස යුරෝපා කොමිසමෙන් ඉල්ලා සිටින ඒකාබද්ධ ලේඛනයක් සකස් කිරීමට එම සංගමයේ ඇතැම් සාමාජික රටවල් ක්‍රියා කරමින් සිටින බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු වශයෙන් චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් මේ බව සඳහන් කළේය. එම යාන්ත්‍රණය කිසිදු ගැටලුවකට විසඳුමක් නොවන අතර, එවැනි ක්‍රියාමාර්ගවලට යුරෝපා සංගමය ද   වූ බව ඔහු සඳහන් කළේය. චීනය සහ යුරෝපා සංගමය මේ වන විට දෙපාර්ශ්වයේම අවධානයට ලක්වන කරුණු විසඳීමේ ක්‍රම ගවේෂණය කරමින් සිටින බව ද ප්‍රකාශකයා පැවසීය. මෙම අවස්ථාවන්හිදී, එම සංගමය, චීනයට එරෙහි ක්‍රියාමාර්ග තීව්‍ර කරන්නේ නම්, දෙපාර්ශ්වය අතර අන්‍යෝන්‍ය විශ්වාසයට එය බරපතළ හානියකි. ඉන් දෙපාර්ශ්වයේ ආර්ථික හා වෙළඳ සහයෝගීතාවයට විශාල බලපෑමක් එල්ල වන බව ද හෙතෙම පැවසීය. එසේ වුවහොත්, චීන කර්මාන්තවල නීත්‍යනුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා චීනය ස්ථිර ප්‍රතිචාර දක්වන බව ද ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News