ගෝලීය පර්යේෂණ හා සංවර්ධන සේවක සංඛ්‍යාවෙන් චීනය පෙරමුණට

Share

ලොව විශාලතම පර්යේෂණ හා සංවර්ධන සේවක පිරිස චීනයට අයිති බව චීන විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය Yin Hejun මහතා ප්‍රකාශ කරයි. ඔහු ඒ බව පැවසුවේ චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලයේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදීය.
14 වන පස් අවුරුදු සැලැසුම් කාලය (2021-2025) තුළ, රටේ විද්‍යා පර්යේෂණ ආයතන, විශ්වවිද්‍යාල සහ ව්‍යවසායන්හි සේවය කරන ප්‍රධාන පෙළේ පර්යේෂණ හා සංවර්ධන කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සමස්තය මිලියන 8 ඉක්මවූ බවට ගණන් බලා ඇතැයි Yin Hejun මහතා පැවසීය.
වාර්ෂිකව චීනයේ පශ්චාත් උපාධිධාරීන් අතරින් 60%කට අධික සංඛ්‍යාවක් විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, කෘෂිකර්මාන්තය සහ වෛද්‍ය විද්‍යාව යන ක්ෂේත්‍ර නියෝජනය කරන බව ඔහු පෙන්වා දුන්නේය. විශ්වවිද්‍යාල 60කට අධික සංඛ්‍යාවක් සහ 100කට වැඩි ව්‍යවසායන් එක්ව ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි අපේක්ෂකයින් 20,000කට අධික සංඛ්‍යාවක් වාර්ෂිකව බඳවා ගන්නා බව ද මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය විය.
මේ වන විට, චීනය ලොව විශාලතම අධ්‍යාපන පද්ධතිය ස්ථාපිත කර ඇති අතර, වඩාත් පුළුල් පරාසයක විහිදුණු විෂය ක්ෂේත්‍ර ආවරණය වන දක්ෂතා සහිත පිරිසක් චීනය සතු බව Yin Hejun මහතා  පවසා ඇත.

Read more

Local News