වෑතලාව රක්ෂිතයේ ගින්නක් – අක්කර 12ක් විනාශයි

Share

බණ්ඩාරවෙල, කොන්තහෙල ග්‍රාමසේවා වසමේ වෑතලාව රක්ෂිතයේ විශාල ගින්නක් ඊයේ(09) රාත්‍රීයේ හට ගෙන ඇති බවට වාර්තා වෙයි.

මෙම ගින්න ඊයේ සිට අද(10) අළුයම වනතෙක්ම ව්‍යාප්ත වෙමින් පැවති අැත.

මෙම ගින්නේන අක්කර 12ක් පමණ විනාශවී ඇත. ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව අද අළුයම  වන විට මෙම ගින්න මැඩපවත්වා ඇත.

ගින්නට මැදි වීම නිසා රක්ෂිතයේ වන සතුන් සහ ශාක රැසක් ද විනාශ වී ඇති බව වාර්තා වෙයි.

Read more

Local News