පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද රැස්වෙයි

Share

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු කාරක සභාවල සාමාජිකයින් සංඛ්‍යාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පෙරවරු 09.00ට රැස්වීමට නියමිත බවයි වාර්තා වෙයි.

පාර්ලිමේන්තු කාරක සභා 04ක් සඳහා සාමාජිකයින් මේ වන විට පත් කර ඇති අතර ඇතැම් කාරක සභාවල සාමාජිකයින් සංඛ්‍යාව ඉහල නැංවිය යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ඊයේ පස්වරුවේ පැවැති පක්ෂ නායක රැස්විමේදී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇති අතර ඒ සම්බන්ධයෙන් අද දිනයේ තේරීම් කාරක සභාව රැස්වී සාකච්ඡා කිරීමට එහිදී එකඟතාව පලවූ බවයි නියෝජ්‍ය කාතානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කරයි.

මේ අතර පාර්ලිමේන්තුවේ කලහාකාරි ලෙස හැසිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වූ පාර්ලිමේන්තු කමිටු වාර්තාව හෙට දිනයේදී කාතානායකවරයාට භාරදීමට නියමිතය.

නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළේ  අදාල කමිටුව මේ වන විට එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන අවසන් කර වාර්තාව සකස් කර ඇති බවයි.

Read more

Local News