ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද රැස්වෙයි

Share

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද(11) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතයි.

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ඊයේ(10) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ අද පෙරවරු 10.00ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පාර්ලිමේන්තුවේදී රැස්වන වන බවයි.

මේ අතර අද පස්වරු 01.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

ඒ අනුව අද ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවට උපදෙස් ලබාදීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News