කිලෝ පහක මුව මස් සමඟ අයෙක් අත්අඩංගුවට

Share

මුව මස් කිලෝග්‍රෑම් 5 ක් සමඟ හෝටල් හිමිකරුවෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ හම්බන්තොට, වනජීවී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සමඟ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී හම්බන්තොට, මිරිජ්ජවිල  ප්‍රදේශයේ පිහිටි හෝටලයක තිබී මෙම මුව මස් කිලෝග්‍රෑම් 5 සොයාගෙන ඇත.

ඒ අනුව, එම මුව මස් තොගය සහ හෝටලයේ හිමිකරු නාවික හමුදාව භාරයට ගෙන ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා හම්බන්තොට, වනජීවී කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර ඇත.

Read more

Local News