වේගෙන් අා ත්‍රීරෝද රථ 2ක් මුහුණට මුහුණලා ගැටී දෙදෙනෙකුට බරපතළයි

Share

අධික වේගයෙන් ධාවනය වු ත්‍රීරෝද රථ දෙකක් මුහුණට මුහුණලා ගැටිමෙන් එක් ත්‍රීරෝද රථයක ගමන් ගත් පාසල් දැරියක් සහ ත්‍රීරෝද රථයේ රියදුරා බරපතල ලෙස තුවාල ලබා තිබේ.

තුවාලකරුවන් නාවලපිටිය මුලික රෝහල වෙත යැවිමෙන් පසු එම තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල බැවින් එම තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති බව නාවලපිටියි පොලිසිය පැවසිය.

අද(16) උදැසන 10 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය ගම්පොල ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය බව්වාගම ප්‍රදේශයේදිය.

නාවලපිටිය මාපකන්දේ සිට නාවලපිටිය දක්වා සහ නාවලපිටිය සිට නාවලපිටිය බව්වාගම දක්වා ධාවනය වු ත්‍රීරෝද රථ දෙකකුයි මෙසේ මුහුණට මුහුණලා ගැටි අනතුර සිදු වි ඇත්තේ.

නාවලපිටයේ සිට බව්වාගම දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්‍රීරෝද රථයේ රියදුරා සහ එහි ගමන් ගත් පාසල් සිසුවියයි අනතුරින් තුවාල ලබා ඇත්තේ.

නාවලපිටියේ සිට බව්වාගම දක්වා ධාවනය වු ත්‍රීරෝද රථයේ රියදුරාගේ අධික වේගය සහ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතුව වි ඇති බවයි අනතුර පිලිබඳ පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය කියා සිටියේ.

Read more

Local News