ලොරි-ත්‍රිරෝද රථ අනතුරකින් කාන්තාවක් මරුට

Share

කොළඹ -රත්නපුර ප්‍රධාන මාර්ගයේ පුස්සැල්ල ඉන්ධන හල අසලදී සිදු වු අනතුරකින් කාන්තාවක් මිය ගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රිරෝද රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු සහ එහි ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 05 දෙනකු තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුලත් කර ඇති අතර එහි දී එක් කාන්තාවක් මිය ගොස් තිබේ.

මියගොස් ඇත්තේ අමුණතැන්න, වේවැල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවකි.

Read more

Local News