මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට

Share

පැලවත්ත ප්‍රදේශයේ දී මත්පෙති සමඟ සැකකරුවෙකු රාජගිරිය පෙලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ‍ ඊයේ(21) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී මත්පෙති 1695 ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත බාර දී තිබෙන බවටයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට පත් සැකකරු බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 ක් වු අයෙකි.

සැකකරු අද(22) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News