ලංකා, සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුමේ සංශෝධනයක්

Share

ශ්‍රි ලංකාව සහ සිංගප්පුරුව අතර අත්සන් තබා ඇති නිදහස් වෙළද ගිවිසුමේ සංශෝධන කිහිපයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංගප්පුරු අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

එම ගිවිසුම අත්සන් කිරිමේ දි ශ්‍රි ලංකා පාර්ශවයෙන්  අඩුපාඩු කිහිපයක් සිදුව ඇති බවත් ඉදිරියේදී ඒ පිළිබඳව කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සිංගප්පුරු අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

සිංගප්පුරුවේ දෙදින නිළ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංගප්පුරු අග්‍රාමාත්‍ය ලී සියෑන් ලුංග් මහතා සමඟ අද(25) දහවල් පැවති සාකච්ඡාවේ දී  මේ බව දැනුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

දෙරට අතර පවතින වෙළඳ , සංචාරක  සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ සබඳතා තව දුරටත් ඉහළ නංවා ගැනීම පිළිබඳව මෙහි දී නායකයින්ගේ විශේෂ අවධානය යොමුව තිබේ.

Read more

Local News