විදුලි රැහැන් පද්ධතියක් කඩා වැටී නොර්වුඩ් ප්‍රදේශයේ ගින්නක්

Share

ලක්ෂපානේ සිට නොර්වුඩ් දක්වා ඇද ඇති අධි බලැති විදුලි රැහන් පද්ධතියක් මතට ගසක් කඩා වැටිමෙන් ඇති වු විදුලි කාන්දුවකින් නොර්වුඩ් වතුයායට අයත් ඉඩමක හට ගත් ගින්නකින් අක්කර 3 පමණ භුමි ප්‍රමාණයක් ගිනිගෙන
විනාශ වි ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

නොර්වුඩ් වතුයායේ යුකෙලප්ස්ටික් වර්ගයේ ගස් කපා ඉවත් කිරිමට වතුපාලන අධිකාරිය මගින් නිතියානුකුල අවසර ලබාගත් කොන්ත්‍රාත්කරු විසින් අධි බලැති විදුලි රැහැන් පද්ධතිය අසල අපරික්ෂාකාරි ලෙස ගස කපා ඉවත් කිරිමට යාමේදි කැපු ගස අධි බලැති විදුලි රැහන් පද්ධතිය මතට අද(28) පෙරවරුවේ වැටි විදුලි රැහන් පද්ධතිය කඩා වැටිමත් සමඟම එම ගිනි ගැනිම ඇති වු බවයි නොර්වුඩ් පොලිසිය පැවසුවේ.

පැතිර ගිය ගින්න නොර්වුඩ් පොලිසිය සහ වතු කම්කරුවන් එක්ව පාලනය කර ඇත.

විදුලිබල මණ්ඩලය දැනුවත් නොකර අධි බලැති විදුලි රැහන් පද්ධතියක් අසල ගසක් කපා ඉවත් කිරිමට යාමෙන් විදුලි බල මණ්ඩලයට විශාල අලාභයක් සිදු වි ඇති බවත්, එම මුදල ගස් කපා ඉවත් කිරිමේ කොන්ත්‍රාත්තුව ලබා කොන්ත්‍රාත්කරුගෙන් අදාල අලාභය අය කරගැනිමට කටයුතු කරන බව මස්කෙලිය විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයේ විදුලි අධිකාරි අරෝෂ නිලන්ත මහතා පැවසිය.

අධි බලැති විදුලි රැහන් පද්ධතිය කඩා වැටිම හේතුවෙන් නොර්වුඩ් ප්‍රදේශයට විදුලි ඇණ හිට ඇති බවත්, ඇණ හිට ඇති විදුලි බලය කඩිනමින් ලබා දිමට කටයුතු කරන බවයි විදුලි අධිකාරිවරයා කියා සිටියේ.

Read more

Local News