මහා පරිමාණයේ දැව ජාවාරමක් පොලිස් දැලේ

Share

වැල්ලවාය ඌව කුඩාඔය පොලිසිය විසින් වෙහෙරයාය ආරියසිරි හංදිය ප්‍රදේශයේ දී බලපත්‍ර නොමැතිව නීති විරෝධීව තේක්ක දැව තොගයක් කපා ප්‍රවාහනය සඳහා සුදානම් කළ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් සන්තකයේ තිබී තේක්ක ලෑලි 50 ක්,ලොරි රථයක්, ලී ඉරන ලද ඉලෙක්ට්‍රික් තට්ටුවක් සහ තවත් උපකරණ රැසක්ම පොලිස් භාරයට ගෙන ඇත.

එම දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දෙක ඉක්මවන බව පොලිසිය පවසන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනකු බව පොලිසිය පවසයි.

දීර්ඝකාලයක සිට මෙම සැකකරුවන් ප්‍රදේශයේ දැව ජාවාරමේ නිරත වී ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඉදිරි විමර්ශන කුඩාඔය පොලිසිය සිදු කරයි.

Read more

Local News