පළාත් සභා මැතිවරණයට සන්ධානගතව තරග කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට විපක්ෂය විසින් කමිටු කිහිපයක් පත්කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විජේරාම නිල නිවසේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළකරන සියලු පාර්ශ්වවල සහභාගීත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට ගෙන තිබේ.
පළාත් සභා මැතිවරණයට සන්ධානගතව තරග කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට විපක්ෂය කමිටු කිහිපයක් පත් කර ගත් බව පැවසූ මන්ත්‍රීවරයා පැවසූවේ ඒ අනුව ගන්නා වූ තීන්දු අනුව ක්‍රියාත්මක වන බවයි.
එසේම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වාඩි වී සිටින්නේද පක්ෂ දෙකක් වන නමුත් එක්ව සන්ධානගතව සිටින බවත් ඒ මහතා පැවසීය.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර මහතා, මහින්ද යාපා අබේවර්ධන මහතා, ඩග්ලස් දේවානන්ද මහතා යන මන්ත්‍රීවරුන්ද පැමිණ සිටියහ.