මැකො විහිලු කාරයෙක් නොවන ඩිලාන් කියයි

Share

මහින්ද දේශප්‍රිය මහතා විහිලු කාරයෙක් නොවන බවත් මැතිවරණයක් ඉක්මනට පැවැත්වීම සඳහා බොහොම උනන්දුවෙන්  කටයුතු කරන කෙනෙක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසිය.

ඒ මහතා මේ බව පැවසුවේ බදුල්ලේදි ඊයේ (30) දින පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂික හමුවකදීය.

වැඩ්දුරටත් අදහස් දැක්වු මන්ත්‍රිවරයා “පළාත් සභා මැතිවරණය ඉක්මනින් තියන්න කියා  ජනාධිපතිතුමා විශේෂ කැබිනට් පත්‍රිකාවක් දාල තියෙනවා .

ඒ අනුව පළාත් සභා මැතිවරණය ඉක්මනට තියන්න ඕන කියන කාරණය  පිළිබදව දැන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති තුමාගේ පවා අවධානය යොමුවෙලා තියෙනවා .

එතුමා කිව්වනේ පළාත් සභා මැතිවරණය තිබ්බේ නැතිනම් ජනාධිපතිවරණයට පෙර එතුමා ඉල්ලා අස්වෙනවා කියලා.

පළාත් සභා මැතිවරණය නොවෙයි වෙනත් ඕනෑම මැතිවරණයක් තියෙනවා නම් ඒ මැතිවරණයට මෛත්‍රිපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අපි සියලු දෙනා එක පො‍දු සන්ධානයකින් තමයි තරග කරන්නේ  . එ සන්ධානය දැන් අපි හදලා ඒක ක්‍රියාත්මක වෙනවා . ඒ අතරතුර එක්සත් ජාතික පක්ෂයේ අය කියනවා ඒගොල්ලන්ගේ ලකුණ අලිය නොවෙයි ඒ ගොල්ල දලඹුවා කියන ලකුණින් සන්ධානයක් හදනවාලු . මොකද දලඹුවානේ අද ඒගොල්ලන්ගේ ලකුණ වෙලා තියෙන්නේ .

එක්සත් ජාතික පක්ෂයයි අලිය එක්ක ඉන්න අයයි දළඹුවා ලකුනින් ඉල්ලයි  .

අපි අත ලකුණ බුලත් කොළය පොහොට්ටුව මේ ඔක්කොම දෙනා එකතුවෙලා අපි අලුත් ලකුණකින් එක්සත්  ජාතික පක්ෂයට විරුද්ධව පළාත් සභා මැතිවරණයට අවශ්‍ය ඒ දේශපාලන කටයුත කරගෙන යනවා

අපි එක්ක තරගයට දැන් අනෙක් පැත්තෙන් දලඹුවා එනවා .රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඒ දළඹුවා සන්ධානය පරද්දන්න අපි සූදානම් වෙලා ඉන්නවා” යැයි පැවසීය .

Read more

Local News