සීෂෙල්ස් රාජ්‍යයේ උප ජනාධිපති මෙරටට

Share

සීෂෙල්ස් රාජ්‍යයේ උප ජනාධිපති වින්සන්ට් මෙරිටන් මහතා නිල සංචාරක් සඳහා අද(31) මෙරටට පැමිණීමට නයමිතයි.

දෙදින නිල සංචාරයක් සඳහා ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

උප ජනාධිපතිවරයා සමඟ එරට අමාත්‍යවරුන් ඇතුළු දූත පිරිසක් ද ශ්‍රී ලංකා සංචාරයට එක්වෙයි.

සිය සංචාරය තුළදී සීෂෙල්ස් උප ජනාධිපතිවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

Read more

Local News