නාවලපිටිය රෝහලේ ඖෂධවේදින් වැඩ වර්ජනයක

Share

නාවලපිටිය මුලික රෝහලේ රජයේ ඖෂධවේදින් වෘත්තිය සමිති ක්‍රියාමර්ගයකට එළබිම හේතුවෙන් එම රෝහලේ ඖෂධාගාරයෙන් ඖෂධ ලබා ගැනිමට පැමිණි රෝගින් රැසක් දැඩි අසිරුතාවයට පත් වි ඇත.

රජයේ ඖෂධවේදින්ගේ සංගමයේ වෘත්තිය සමිති ක්‍රියාමර්ගයක් හේතුවෙන් නාවලපිටිය මුලික රෝහලේ ඖෂධාගාරය වසා දමා එහි සේවකයන් අද(01) දින සංකේත වැඩ වර්ජනයක නියැලි සිටියි.

එම රෝහලේ ඖෂධාගාරය වසා දැමිම හේතුවෙන් බාහිර රෝගි අංශයෙන් සහ සායන කටයුතු වලට පැමිණෙන රෝගින්ට වෛද්‍යවරුන් විසින් අනුමත කරන ඖෂධ ලබා ගැනිමට නොහැකි වි ඇත.

රජයේ ඖෂධවේදින් වැඩ වර්ජනය සිදු කිරිම සම්බන්ධයෙන් රජයේ ඖෂධවේදින්ගේ සංගමයේ සභාපති ප්‍රියංකර පෙරේරා මහාගෙන් අප කල විමසුකට ඔහු කියා සිටියේ නිසි අවශ්‍යතාවයක් නොමැතිව ඖෂධ වේදින් බඳවා ගැනිම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරින් සමඟ පැවති සාකච්ඡා අසාර්ථකවිම නිසා දිවයින පුරා රජයේ රෝහල් වල ඖෂධිවේදින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමර්ගයකට එළඹී බවයි.

අද පස්වරුවේ මෙම ගැටළුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වෙන බවත්, එම සාකච්ඡාවෙන් පසු මාධ්‍යයට ප්‍රකාශයක් ලබාදෙන බව ප්‍රියංකර පෙරේරා මහතා පැවසිය.

මේ සම්බන්ධයෙන් නාවලපිටිය මුලික රෝහලේ උසස් වෛද්‍යවරයෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ ඖෂධාගාරයේ සේවකයින්ගේ වෘත්තිය සමිති ක්‍රියාමර්ගය හේතුවෙන් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගින්ට ඖෂධ ලබා දිමට කිසිදු බාධාවක් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය මගින් සිදු නොවන බවයි.

Read more

Local News