හැකි ඉක්මනින් මැතිවරණය පවත්වන බව තලතා කියයි

Share

පළාත් පාලන මැතිවරණය මෙන් පළාත් සභා ඡන්දය කල් ගියෙත් ඡන්ද ක්‍රමය වෙනස් කළ නිසා බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසිය.

මෙම අදහස් පළ කළේ ඊයේ (31) දින වැලිමඩ නව අධිකරණ සංකීර්ණයට මුල්ගල තැබීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

මරණ දඬුවම සඳහා නියම වු අයගේ නම් ලැයිස්තුව යවලා මේ වන විට යවා ඇති බව අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය වැඩිදුරටත් පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් “මරණ දඬුවම පිළිබඳව නම් ලැයිස්තුව යැවීමේ වගකීම අපි භාර දෙන්නේ නීතිපති දෙපාර්තුමේන්තුවට. බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ලැයිස්තුව ගෙන්න ගත්තා 48 ක් ඉන්නවා. 48 න් 30 දෙනෙක් අභියාචනා කරලා තියෙනවා.

ඒ ඉතුරු 18 දෙනාගේ තියෙන සියලුම කරුණු කාරණා පිළිබදව හොයලා බලලා. ඒ අය අනිවාර්යෙන්ම එල්ලලා මරන්න සුදුසුද කියලා බලලා ඒ වාර්තා අනුව තමයි සිද්ධ වෙන්නේ ඒ වාර්තා යවලා ඉවරයි.

සාමාන්‍යයෙන් අපි ඒකාබද්ධ විපක්ෂයේ චෝදනාවලට උත්තර දෙන්නේ නැහැ. ඡන්දය පවත්වන වෙලාවට පවත්වයි. පළාත් පාලන මැතිවරණය කල් ගියේ පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කරපු නිසයි. ඉතිං මේකටත් ඒ ක්‍රමයම තමයි. ඒ අනුව ඉක්මනින් මැතිවරණය තියන්න කටයුතු කරනවා” යැයි අමාත්‍යවරිය පැවසීය.

Read more

Local News