ජාතික නිදහස් දිනට ලෝක රාජ්‍ය නායකයන්ගෙන් සුබ පැතුම්

Share

71 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ලෝක රාජ්‍ය නායකයන් රැසක් සුබ පැතුම් පළ කර තිබේ.

බ්‍රිතාන්‍ය දෙවන එලිසබත් මහ රැජිණ විශේෂ සුබ පැතුම් පණිවිඩයක් යොමු කරමින් ප්‍රකාශ කර ඇත්තේ සියළු ශ්‍රී ලාංකිකයින්ට වාසනාව, සතුට සහ සෞභාග්‍ය ප්‍රාර්ථනා කරන බවයි.

අසල්වාසී සහෝදර රාජ්‍යයන් ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින්නේ ඓතිහාසික නොබිඳෙන සබඳතාවක් බව ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා නිදහස් දින සුබ පැතුම් පණිවිඩය යොමු කරමින් ප්‍රකාශ කර ඇති බව ජනාධිපති මාධ්‍ය  අංශය පැවසුවේය.

සහෝදර රාජ්‍යයන් ලෙස දෙරට අතර පවතින සබඳතා ඉදිරියේදී අන්නොන්‍ය වශයෙන් වඩා ප්‍රතිඵලදායක ලෙස ශක්තිමත්ව වර්ධනය වනු ඇති බව ඉන්දීය ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

Read more

Local News