ලෝකප්‍රකට කායවර්ධන උපදේශකයින් 11 වැනිදා ලංකාවේ පුහුණු කරයි

Share

ශාරීරක යෝග්‍යතාව පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් ෆිසික්ස් ග්ලෝබල් ආයතනය පළමු වරට ශ්‍රී ලංකාවේදී සංවිධානය කරන ”ෆිට් ප්‍රෝ සමිට් ”( Fit pro summit) ජාත්‍යන්තර සම්මන්ත්‍රණය හා වැඩමුළුව මේ මස 11 ( සඳුදා ) පෙරවරු 9 සිට සවස 5 දක්වා කොළඹ පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත් වීමට කටයුතු යොදා ඇත.

ශාරීරක යෝග්‍යතාව හා පෝෂණය පිළිබඳ ජාත්‍යන්තර උපදේශකයින් විසින් පවත්වන මෙම වැඩමුලුවේදී ක්‍රීඩකයන්ගේ ශාරීරක යෝග්‍යතාව පවත්වාගෙන යාම, කායවර්ධනය, පෝෂණය, අතිරේක පෝෂණ භාවිතය, මානසික අභිප්‍රේරණය වැනි කේශේෂ්ත්‍ර පිළිබඳ අවධානය යොමු කරන අතර ක්ෂේත්‍ර යේ පවතින රැකියා අවස්ථා, සමාජ ජාලා මාධ්‍ය භාවිතය, පෞරුෂ වර්ධනය යන අංශ පිළිබඳ ද දේශන පැවැතීවීමට නියමිතය.

මෙම සම්මන්ත්‍රණය පිළිබඳ විඩි විස්තර ෆිසික්ස් ග්ලොබල් ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිත ජනක සමරසිංහ ( දුක. 0727605060 / 0114500560 ) ඇමතීමෙන් දැන ගැනීමට හැකියාව ඇති බවද සංවිධායක මණ්ඩලය පවසයි.

Read more

Local News