මහින්දගෙන් පසු ගෝඨා හොද බව විමල් කියයි

Share

ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුම පුද්ගලයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ මීගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

ජනාධිපතිවරණය තව මාස නවයකින් පැවැත්වීමට නියමිත බව ඒ මහතා පැවසීය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පසුව ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට සුදුසුම නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ඔහු වැඩක් කර පෙන්වූ නායකයෙක් බවත් කතා පමණක් පැවැත්වූ නායකයෙක් නොවන බවත් පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය යටතේ ත්‍රිවිද හමුදාවම කළමනාකරණය කර ගනිමින් ත්‍රස්තවාදය තුරන්කළ නායකයෙක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කලේය.

Read more

Local News