පුරාවස්තු ගන්න ගිය 4ක් දැලේ

Share

හොරොව්පතාන පොලිසියේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක ගල්කන්ද රක්ෂිත ප්‍රදේශයේ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් සිදු කළ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී කැණිම් සිදු කිරීම සඳහා භාවිතා කළ උපකරණ තොඟයක් ද පොලීසිය බාරයට ගෙන ඇති අතර සැකකරුවන් හොරොව්පතාන සහ මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

එම සැකකරුවන් කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Read more

Local News