හිටපු අගවිනිසුරුට එරෙහි පෙත්සම් විභාගයේ විනිසුරුවරයෙක් ඉවතට

Share

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාට එරෙහිව ගොණුකර ඇති පෙත්සම සලකා බැලීමේ විනිසුරු මඩුල්ලෙන් විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා ඉවත්වන බව දැනුම්දී තිබේ.

පෞද්ගලික හේතුවක් මත තමා මෙම පෙත්සම සලකා බැලීමෙන් ඉවත් වන බව විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත.

ඒ අනුව පෙත්සම සලකා බැලීම මැයි මස 08 වනදා දක්වා කල්තැබිමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සෙසු විනිසුරුවරු වන මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර යන මහත්වරු තීරණය කර තිබේ.

පෙත්සම සලකා බලන අවස්ථාවේ වගඋත්තරකාර සරත් එන් සිල්වා මහතා නීතිඥවරුන්ගේ අසුනක අසුන් ගෙන සිටි අතර ඊට පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ඊට විරෝධය පළ කරනු ලැබීණි.

ඉකුත් ඔක්තෝබර් මස 18 වනදා කොළඹ පැවැති මහජන රැළියකදී අධිකරණයට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කර ඇති බව පවසමින් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොණු කරනු ලැබිය.

Read more

Local News