මහින්දට එරෙහි පෙත්සම් සලකා බැලීම කල් දමයි

Share

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කොට එම තනතුරු සඳහා මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය කල්දමා තිබේ.

පූජ්‍ය දඹර අමිල හිමියන් සහ හිටපු ජනාධිපති සම්බන්ධීකරණ නිලධාරියකු වන ඕෂල හේරත් යන අය විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර ඇත.

අදාළ පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද(07) කැඳවනු ලැබුවේය.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර සිටියේ අදාළ පෙත්සම මැයි මස 10 වනදා සලකා බලන බවයි.

මෙම පෙත්සමේ ඇතැම් වගඋත්තරකරුවන්ට නොතීසි ලැබී නොමැති බැවින් ඔවුන්ට නැවත නොතීසි නිකුත් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවය නීතිඥවරුන්ට දැනුම්දී තිබේ.

පෙත්සම්කරුවන් පෙන්වාදී ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කොට එම තනතුර සඳහා මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වන සංශෝධනය උල්ලංඝනය වන බවයි.

ඒ අනුව ජනාධිපතිවරයා ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News