පාවහන් වෙළඳසැලක ගින්නක්

Share

බම්බලපිටිය පොලිස් වසමේ, ගාලු පාර ආසන්නයේ පිහිටි පාවහන් වෙළඳසැලක ඊයේ(11) සවස හදිසි ගින්නක් හට ගෙන තිබෙන බවට වාර්තා වෙයි.

බම්බලපිටිය පොලීසියට ලද ‍තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වු පොලිස් නිලධාරීන්, කොළඹ මහ නගර සභාවේ ගිනි නිවිමේ ඒකකය හා විදුලි නඩත්තු ‍ඒකකය මෙන්ම ප්‍රදේශවාසීන් එක්ව ගින්න සම්පූර්ණයෙන් පාලනය කර තිබේ.

ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ගින්න සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News