ඊජිප්තුවේ ගීසා මහා පිරමිඩයන් නවතම සොයාගැනීමක් !

Share

ඊජිප්තුවේ ගීසා මහා පිරමිඩයේ සැඟවී ඇති දීර්ඝ පටු සීමාවක් විද්යාඥයන් විසින් සොයාගෙන ඇත. මෙම සොයාගැනීමත් සමග වසර 4,500 ක් පැරණි මෙම පිරමිඩ ස්මාරකයේ රහස් එළිදරව් කිරීමට හැකිවේ යැයි මෙම විද්යාඥයන්ගේ විශ්වාසයයි.
මෙම පටු උමග පිරමිඩයේ ග්රෑන්ඩ් ගැලරි ප්‍රදේශයේ සිට ඉහළට මීටර් 30 ක් (අඩි 100) ක් දිගට විහිදී යයි. මෙම කොරිඩෝව පිරමිඩයේ හදවතෙහි පිහිටි රජුගේ රාජධානිය වෙත රැජිනගේ කුටිය සම්බන්ධ කරනා බවද සදහන්වේ .
මෙම කොරිඩෝවට පහසුවෙන් පුද්ගලයින්ට දැන් ප්රවේශ විය නොහැකි බැවින් එහි කිසිවක් නොමැතිද නැතහොත් වටිනා භාණ්ඩ තිබේ දැයි දැනගැනීමට විද්යාඥයන් ට නොහැකි වී ඇත.
නමුත් එය මීටර 50 ක් (අඩි 164 ක්) දිග, මීටර් අටක් උසින් යුක්ත වන අතර උස (3.2ft) ට වඩා වැඩිය.


පර්යේෂකයන් පවසන්නේ මෙය ‘ඉදිකිරීම් පරතරයක් ද ‘ විය හැකි බවයි.
මෙම සොයාගැනීම සිදු කරන ලද්දේ භෞතික විද්යාඥයින් විසින් පිරමීඩයේ අභ්යන්තර රූප අභ්යවකාශයේ සිට පෘථිවියට එවන ලද කිරණ මගින් ලබාගත් ඡයාරුප මගින් වීම විශේෂතත්වයක් ගනී. මෙම කොස්මික් අංශු X-කිරණවලට සමාන ලෙස පරාවර්තනය වේ.
පුරාවිද්යාඥයින්, ඉතිහාසඥයින් හා භෞතික විද්යාඥයන් අතර සහයෝගී උත්සාහය 19 වන ශත වර්ෂයේ සිට ගයිසා සංධිස්ථානය තුළ විශාලතම සොයාගැනීමක් ලෙස හුවා දක්වන ලදි.

ක්රි.පූ. 2550 දී පමණ පාරාවෝ කූෆු විසින් මෙහි ඉදිකිරීම් සිදු කරන ලද අතර, ඊජිප්තුවේ මහා පිරමීඩය හෝ ගීසා හි පිරමීඩය වසර දහස් ගණනක් තිස්සේ ලොව උසම ඉදිකිරීම ලෙස නම්දරා තිබුනි.
මෙම පිරමිඩය, කුෆුගේ පිරමීඩය යනුවෙන්ද හැඳින්වෙන අතර, එය දැනට ඉතිරි වී ඇති එකම පුරාණ පුදුම හතෙන් එකක් බවටද සැලකේ.
විද්යාඥයින් පවසන්නේ නේචර් සඟරාවේ ප්රකාශයට පත් කළ මෙම නවතම සොයාගැනීම්, එහි ඉදිකිරීම් පිළිබඳව ආලෝකය ලොවට විහිදුවීමට හැකියාවක් පවතින බවයි.
පිරමීඩය ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා, 2015 ඔක්තෝබර් මාසයේ දී ව්යුහය පරීක්ෂා කිරීම සඳහා ප්‍රංශය සහ ජපානය වැනි රටවල පර්යේෂණයන් ආරම්භ කරන ලදී.

පහත විඩියොවෙන් මෙම සොයාගැනීම් පිළිබද තවත් තොරතුරු නැරඹීමට ඔබටත් හැකිය.

Read more

Local News