චමින්ද විජේසිරි අධිකරණයට ඉදිරිපත් වෙයි

Share

පොලිස් ‌කොස්තාපල්වරයෙකුට පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන කරන පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා නීතිඥවරයෙක් මාර්ගයෙන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබේ.

මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනිම සඳහා පොලීසිය ඊයේ සිට විමර්ශන ආරම්භ කර තිබුණි. ඒ සඳහා කථානායක කරු ජයසූරිය මහතාගේද අවසරය ලබාගෙන තිබුණි.

බණ්ඩාරවෙල තැපැල් කාර්යාලය ඉදිරිපිටදී කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කොස්තාපල්වරයෙක් පහරදුන් බවට මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වී තිබේ.

Read more

Local News