ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවින්ද්‍රට ගෞරව සම්මානයක්

Share

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා පාකිස්ථාන රජයේ ගෞරවාන්විත හමුදාමය සම්මානයකින් පිදුම් ලබා තිබේ.

පාකිස්ථාන ජනාධිපති අරිෆ් අල්වි මහතා විසින් ඉස්ලාමාබාද් හිදී ඊයේ (13) පැවති උත්සවයකදී නිෂාන් ඊ ඉමිතියාස් නමැති එම සම්මානය රවින්ද්‍ර විජේගුණරත්න මහතාට පිරිනැමූ බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය සඳහන් කළේය.

අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා මේ දිනවල අමාන් ජාත්‍යන්තර නාවික අභ්‍යාසය සඳහා සහභාගී වී සිටියි.

නිෂාන් ඊ ඉම්තියාස් පදක්කම පිරිනමනු  ලබන්නේ විදේශිය රටවල රාජ්‍ය ප්‍රධානීන්ට සහ ප්‍රසංශනීය හමුදා සේවයකට හිමිකම් කියන ඉහල නිලධාරින් සඳහා පමණයි.

Read more

Local News