අනුරාධපුර දිස්ත්‍රික් විශේෂ පරිසර සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් අද

Share

අනුරාධපුර දිස්ති‍්‍රක් විශේෂ පරිසර සමුළුව අද(14) පෙරවරුවේ අනුරාධපුර සල්ගාදු කී‍්‍රඩාංගණයේ දි පැවැතවීමට නියමිතයි.

ඒ පරිසර අමාත්‍ය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. මෙම සමුළුව සංවිධානය කර ඇත්තේ පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන මඟිනි.

අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ ජනතාව මුහුණ දී සිටින පරිසර ගැටළු පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරෙන මෙම සමුළුවේ දී අලි ගැටලූව පිලිබඳව වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත.

කසළ කළමනාකරණය, ජල ප‍්‍රභවයන් ආරක්ෂා කර ගැනීම, වන සංරක්ෂණය යන කරුණු පිළිබඳව ද මෙහිදී පුළුල් අවධානයක් යොමු කෙරේ.

මේ අතර අනවසරයෙන් ගංගා ඇළ දොළවල වැලි ගොඩ දැමීම තහනම් කිරීමට වනාන්තර එළිකිරිමට විරුද්ධව නීති ශක්තිමත් කිරීමට සහ ඉදිකිරීම්වලදි පරිසර වාර්තා සැපයීම අනිවාර්යය කිරීමටට රජය මේ වන විට පියවර ගෙන තිබේ.

පරිසර සුරක්ෂිතභාවය සඳහා වූ පොලිතින් තහනම ද මේ වන විට ක‍්‍රියාත්මකයි.

ගස් කැපීමට භාවිතා කරන චේන්ෂෝ යන්ත‍්‍රද බලපත‍්‍රයකට යටත් කිරීමට මේ වන විට රජය විසින් පියවර ගෙන තිබේ.

ජනාධිපති මාද්‍ය අංශය සඳහන් කළේ සියයට 28 ක් වන මෙරට වන ගණත්වය ඉදිරි වසර කිහිපය තුළ සියයට 32 දක්වා ඉහළ නංවා ගැනීම අපේක්ෂාව කරන බවයි.

Read more

Local News