පැහැරහැරිය නොහැකි යුතුකමක් ගැන කථානායක කියයි

Share

රට තුළ ඇති දැවෙන ප්‍රශ්න විසදීමට ස්ථිරසාර ජාතික න්‍යාය පත්‍රයක් සකස් කර ගැනීම මේ මොහොතේ පැහැරහැරිය නොහැකි යුතුකමක් බව කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

නිදහස ලබා වසර 70 ක් ගෙවී ගිය ද දේශපාලන බල හුවමාරු සමඟ වෙනස් නොවන ජාතික න්‍යාය පත්‍රයක් තවමත් ස්ථාපිතව නොමැති බව කථානායකවරයා පෙන්වා දෙයි.

කථානායකවරයා මෙම අදහස් පළකලේ අද(14) පෙරවරුවේ පැෆරල් සංවිධාන‍යට වසර 30 ක් සපිරීම නිමිත්තෙන් බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති සැමරුම් සම්මාන උළළෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

අප රටේ සමස්ත ජනගහනයට වැඩි ජනගහනයක් සිටින ප්‍රදේශ අසල්වැසි රටවල නගරාධිපතිවරුන් යටතේ පාලනය වන බවත් භෞතික සහ මානව සම්පත් රැසකින් පොහොසත් මෙම කුඩා දිවයින සමෘද්ධිමත් ශක්තිමත් දේශයක් ලෙස ගොඩනැගීම එතරම් අපහසු කාර්යයක් නොවන බවත් කථානායකවරයා සඳහන් කළේය.

Read more

Local News