වී මිලදී ගැනීමේ නව වැඩපිළිවලක්

Share

මෙවර මහ කන්නයේදී වී අළෙවි මණ්ඩලයට අමතරව එම සහතික මිල යටතේම ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේ වැඩපිළිවලක් ආරම්භ කරන බව පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.

මෙවර මහකන්නයේදී පෙර වසර වලට වඩා වැඩි වී අස්වැන්නක් ලැබෙනු ඇති බවට අපේක්ෂා කරයි.

ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසුවේ රජය විසින් නියම කර ඇති, වී අළෙවි මණ්ඩලය මිලදී ගැනීම් සිදුකරනු ලබන සහතික මිල යටතේම සියළුම වී මෝල් හිමියන් ගොවීන්ගෙන් වී තොග මිලදී ගැනීමට එකඟතාව පළකර ඇති බවයි.

Read more

Local News