කින්සි පාරේ නව රථ වාහන සැලැස්මක්

Share

හෝර්ට්න් පෙදෙස කිංසිපාරේ එක් දිශාවකට පමණක් රථ වාහන ගමනාගමනය සිදුකරන කාලසීමාව අද(18) සිට වැඩි කිරීමට තීරණය කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

උදෑසන කාලයේ කොළඹ දෙසට ගමන් කරන රථ වාහන තදබදය අවම කිරීම සඳහා මෙම තීරණය ගෙන තිබේ.

සෑම සතියේ දිනකම කිංසිපාර හංදියේ සිට කේරී විද්‍යාලය දක්වා පෙරවරු 7.30යේ සිට පෙරවරු 8.00 දක්වා කාලය තුළ එක් දිශාවකට පමණක් රථ වාහන ගමන් කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.

කොළඹ දෙසට ගමන් කරන රථ වාහන තදබදය තවදුරටත් අවම කිරීමේ අරමුණින් අද සිට පෙරවරු 7.00 සිට 8.00 දක්වා එම මාර්ගයේ එක් දිශාවකට පමණක් රථවාහන ධාවනයට කටයුතු යොදා ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

Read more

Local News