ආණ්ඩුව වගකිව යුතු දෙයක් ගැන ප්‍රසන්න කියයි

Share

පාතාල ක්‍රියා වැඩිවීම සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුව වගකිව යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ගම්පහ උඩුගම්පොළ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

අද වන විට කථා බහට ලක්වෙන ආකාරයට කුඩු භාවිතා කරන මැති ඇමතිවරු සිටින බවත්, ඔවුන් රට පාලනය කරන්නේ කෙසේ ද යනුවෙන් රණතුංග මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

කුඩු භාවිතා කරන අය කරන්නේ රට විනාශ කිරීම පමණක් බව ද සඳහන් කළ මන්ත්‍රීවරයා, කුඩු මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙන්නේ පාතාලය හරහා වන බවත්, එය ව්‍යාප්ත වන්නේ ආණ්ඩුවේ ඇමතිවරුන් හරහා වන බව ද සඳහන් කළේය.

අද වන විට කොළඹ තිබෙන උසාවියකට යෑමට පවා බිය වන බවත්, පාතාලය එකිනෙකා මරා ගන්නා තත්ත්වයකට පත්ව ඇති බව ද සඳහන් කළේය.

පාතාලය ආරම්භ වුයේ වත්මන් ආණ්ඩුව සමඟ බවත්, සුදු වෑන් ගැන කියමින් අතීතයේ පාතාලය මර්දනය කිරීම නතර කරනු ලැබුවේ ද ආණ්ඩුවේ ඇමතිවරු බව ද මන්ත්‍රීවරයා සඳහන් කළ මන්ත්‍රීවරයා අද වන විට ඔවුන් විසින්ම එල්ලුම් ගහ ගෙන ඒමට අද කටයුතු කරමින් සිටින බව ද කියා සිටියේය.

Read more

Local News