පොල්තෙල් විකුණන, නිෂ්පාදනය කරන තැන් විශේෂ පරීක්ෂාවකට

Share

අද(18) සිට පොල්තෙල් විකිණීමේ සහ නිෂ්පාදනය කරනු ලබන ස්ථාන විශේෂ පරික්ෂාවකට ලක් කරන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ප්‍රමිතියෙන් තොර පොල්තෙල් වෙළෙඳපලේ පවතින බවට ලැබී ඇති තොරතුරු මත එම පරික්ෂා කිරීම් සිදුකෙරේ.

එහිදී පොල්තෙල් සාම්පල ලබාගෙන රස පරීක්ෂක වාර්තා අනුව ඉදිරි කටයුතු සිදුකිරීමට කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේය.

ප්‍රමිතියෙන් තොර පොල්තෙල් අලෙවිකරන හෝ බෙදාහරින ස්ථාන සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කරන ලෙස ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Read more

Local News