ජනපතිගෙන්, හිටපු යුද හමුදාපති ජෙනරාල් ඉල්ලීමක් කරයි

Share

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පිළිබඳ පැතිර යන ප්‍රචාර පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු බව හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායන මහතා පවසයි.

හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ  (20) පැවති මාධ්‍ය හමුවකදි ඔහු වැඩිදුරටත් කියා සිටියේ හමුදා සෙබළුන්ට එරෙහිව චෝදනා එල්ල කරමින් ක්‍රියාත්මක වන වැඩපිළිවෙළේ වෙනසක් සිදුවිය යුතු බවයි.

හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක , හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක හා හිටපු නාවික හමුදාපති අද්මිරාල් තිසර සමරසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ පදනම් ආයතනයේදි මාධ්‍ය හමුවක් පැවැත් විය.

තිස් වසරක යුද සමයේදී ත්‍රිවිධ හමුදා නිලධාරීන් විසින් කිසිදු යුද අපරාධයක් සිදු කර නොමැති බව හිටපු යුද හමුදාපති ජෙනරල් දයා රත්නායක මහතා පවසයි.

ත්‍රිවිධ හමුදා සෙබලුන් සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්ත්වයන් පිළිබඳ ජනාධිපතිවරයා මැදිහත්වී විසඳුම් ලබා දියයුතු බව හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා පවසයි.

පසුගිය වසර 3-4 අතර නිරන්තරයෙන් ත්‍රිවිධ හමුදාවේ සෙසු නිලයන් විවිධ අවස්ථාවලදී විවිධ චෝදනා මත අත්අඩංගුවට ගැනීම සිදු වු බව ද දයා රත්නායක මහතා මෙහිදී පැවසීය.

ඒ අයට දඩුවම් පැමිණ වීම් ද වාර්තා වන බව පැවසු රත්නායක මහතා, පසුගිය කාලයේ ත්‍රිවිධ හමුදාවේ ඉහළ නිලධාරීන් ද අත්අඩංගුවට ගෙන නිදහස් කර ඇති බවත් ඒ අයට චෝදනාවක් හෝ නොතිබුණ අවස්ථා ද ඇති බව සඳහන් කළේය.

Read more

Local News