මස්කෙලියේ අතුරුදන් වු තරුණයා මවුස්සාකැලේ ජලාශයෙන් සොයා ගැනේ

Share

මස්කෙලිය ප්‍රදේශයේ අතුරුදහන්ව සිටි තරුණයාගේ සිරුර නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් මවුස්සාකැලේ ජලාශයේ තිබි අද(21) උදැසන ගොඩ ගනු ලැබුවේය.

මෙසේ ගොඩගනු ලැබුවේ මස්කෙලිය තැපැල් කාර්යයාල ප්‍රදේශයේ පදිංචි පැතුම් මදුසංක ලියනගේ නැමති 30 හැවිරිදි අවිවාහක තරුණයෙකි.

මෙම තරුණයාට ඉතුක් 19 වෙනිදා රාත්‍රියේ දුරකථන ඇමතුමක් ලැබුණු බවත්, එම දුරකථන ඇමතුමෙන් පසු එදි රාත්‍රි 7.30 ට පමණ නිවසින් පියව ගිය බවත්, ඉන් අනතුරුව මෙම තරුණායා ආපසු නිවසට නොපැමිණි නිසා ඒ පිලිබඳව මිය ගිය තරුණයගේ ඥාතින් විසින් මස්කෙලිය පොලිසිය වෙතට පැමිණිල්ලක්ද කර තිබුණි.

එම පැමිණිල්ල මත මස්කෙලිය පොලිසියේ නිලධාරින් ජලාශය අවට සිදු කළ සොදිසි මෙහෙයුමකදි තරුණායා පැලද සිටි පාවහනක් ජලාශය අසල තිබි හමුවිමත් සමඟ එම ජලාශයේ ධිවරයන් සහ පොලිස් නිලධාරින් අතුරුදහන් වු තරුණයා සොයා ජලාශය ඊයේ(20) දවස පුරා සොදිසි මෙහෙයුමක්ද දියත් කර තිබුණි.

රන්ගල නාවික හමුදා කදවුරේ නාවික කිමිදුම්කරුවන් විසින් අද උදැසන එම ජලාශයේ සිදු කළ සොදිසි මෙහෙයුමකදි සිරුර සොයා ගැනිමට හැකි වි තිබේ.

මෙම තරුණයා අතුරුදහන් වු දිනයේ රාත්‍රි 8.20 ට පමණ ජලාශය දෙසට දුරකථනයකින් කතා කරමින් ගමන් කරන අයුරු අසල තිබු සිසිටිවි කැමරාවක දර්ශන සටහන් වි තිබු බව අපවාර්තාකරු කියා සිටියේය.

ජිවිතක්ෂයට පත් තරුණයා ජලාශයට වැටුණාද නැතහොත් ජලාශයට පැන සිය දිවි හානි කරගත්තාද යන්න පිලිබඳව අංශ කිහිපයක් ඔස්සේ මස්කෙලිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

ගොඩගත් සිරුර හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව මස්කෙලිය පොලිසිය පැවසිය.

Read more

Local News