රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 40 වන ඔසුසල විවෘත කෙරේ

Share

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 40 වන ඔසුසල ආණමඩුව නගරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් විවෘත කෙරිණි.

මෙම ඔසුසල සඳහා ඖෂධ ඇතුලු ගොඩනැගිල්ලට වියදම් කළ මුදල රුපියල් මිලියන 10 ක් පමණ වෙයි.

2015 වසරේ යහපාලන රජය බලයට පත්වන විට පැවැති ඔසුසල් සංඛ්‍යාව 29 කි. 2019 වසර අවසන් වන විට ඔසුසල් 60 ක් විවෘත කිරීමට අවධානය යොමු කර ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එම්.එච්.එම් රූමි මහතා පවසයි.

මතුගම, දර්ගා නගරය, දඹුල්ල, බදුල්ල, මාතලේ, අම්බලන්ගොඩ වැනි නගර වල ඉදිරියේ දී ඔසුසල විවෘත කිරිමට නියමිතව ඇත.

Read more

Local News