අගමැතිගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබපැතුම්

Share

පසුගිය කාලය තුළ රට දියුණු කිරීමට කණ්ඩායමක් ලෙස එකට එකතු වී වැඩ කිරීමට ගත් ප්‍රයත්නය අසාර්ථක වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ප්‍රතිපත්තියක් අනුව ඕනෑම කණ්ඩායමක් සමඟ එක්ව කටයුතු කිරීමට හැකියාව පැවතිය යුතු බවයි.

මහියංගනය දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

එහිදි අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ලබාගත් ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය සම්බන්ධයෙන් ද සුබපැතුම් එක් කළේය.

Read more

Local News