විධායක ජනාධිපතිධුරය ගැන රවී කියන දේ මෙන්න

Share

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට අවශ්‍ය පියවර ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සෙසු පක්ෂවලින් ඉල්ලීමක් කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

සුදු ජාතිකයින්ගෙන් වසර 70 කට පෙර රට බාර ගන්නා බවත්, එයින් පසුව පාර්ලිමේන්තු ක්‍රමය පෙන්වා දෙන බවත්, පසුව ජේ.ආර්.ජයවර්ධන මහතා විධායක ගෙන ඒමට 1978 නව ව්‍යවස්ථාවක් ගෙන එන බවත්, පසුව ව්‍යවස්ථාව 19 වතාවක් සංශෝධනය වෙමින් අද දක්වා පැමිණ ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

එදා බිහි කරපු දරුවා අද නොමැති බවත්, අද ඇත්තේ යකෙක් බව ද කියා සිටි අමාත්‍යවරයා අද වෙනස් කළ යුතු බවත්, අද වන විට විධායක ජනාධිපතිකම ලබා ගැනීමට කීප දෙනෙක් පොරකන බව ද පැවසීය.

එක්සත් ජාතික පක්ෂය විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට වසර කිහිපයකට පෙර තීන්දුවක් ගත් බවත්, සියලු දෙනා එක්වී එය අහෝසි කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Read more

Local News