එජාපය හා ශ්‍රිලනිපය වගකිව යුතු දෙයක් ගැන විජිත කියයි

Share

රටේ ආර්ථිකය විනාශ කිරිමට එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලකයින් වගකිව යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

මිරීගම ආසන බල මණ්ඩලයේ ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

අවුරුදු 71 පුරා මහා ණය කන්දයක් ගොඩ ගසා ඇති බවත්, එවායින් සිදු කළ සංවර්ධනයක් කිසිවක් අද වන විට දක්නට නොමැති බව පැවසු මන්ත්‍රීවරයා එම ණයවලට කුමක් සිදුවුදැයි ප්‍රශ්නයක් වන බව ද සඳහන් කළේය.

ආණ්ඩු සෑම එකක්ම ණය ගෙන ඇති බවත්, එයින් විශාල වශයෙන් නාස්ති කරමින් දූෂණයට ලක් කර ඇති බව ද කියා සිටි විජිත හේරත් මහතා 2015 ජනවාරි මස 8 වන දා ඡන්දේ දිනට පෙර දා නිල්වලා ගං ව්‍යාපෘතිය සඳහා වු ඩොලර් මිලියන 400ක මුදලක් හොරා කෑ බව ද සඳහන් කළේය.

අද වන තෙක් ඒ හොරුන් කවුරුන්ද කියා සොයා ගෙන නොමැති බවත්, ඒ ආණ්ඩුවේ දූෂණ කටයුතු ඇමතිවරු වත්මන් ආණ්ඩුව තුළත් ඇමතිකම් දිනා ගනිමින් සිටින බව ද විජිත හේරත් මහතා පැවසීය.

හිටපු හා ඉන්න ඇමතිවරු කොපමණ හොරකම් කරනවා ද යන්න අද වන විට කථා කළ යුතු ප්‍රශ්නයක් වී ඇති බවත් අද රටේ ආර්ථිකය වැටී ඇති බවත්‍ ඒ තත්ත්වය ඇති කරේ කවුරුන්ද යන්න යනුවෙන් ප්‍රශ්න කර සිටියේය.

Read more

Local News