අද, හෙට වැස්සේ වැඩිවීමක්

Share

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අද(26) සහ හෙට(27) බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එහිදී විශේෂයෙන් දකුණු හා සබරගමුව පළාත්වල මෙම තත්ත්වය ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව හා වයඹ පළාත්වල අනුරාධපුර හා වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස 2 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

රත්නපුර, කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 150ට වැඩි ඉතා තද වැසි සහ ඌව සහ මධ්‍යම පළාත්වලත් කෑගල්ල, කොළඹ, ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100 පමණ තද වැසි ඇති විය හැකියි.

මඩකලපුව, අම්පාර හා පොලොන්නරුව දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් මද වැසි ඇති විය හැකියි.

දකුණු, සබරගමුව, මධ්‍යම බස්නාහිර හා ඌව පළාත්වල ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිඟුරුම් සහිත වැසි ඇති විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකියි.

Read more

Local News