මෙවර අයවැයෙන් ජනතාවට සහන රැසක්

Share

තේ නිෂ්පාදනය කරන රටවල් අතර වතු සේවකයින් වෙනුවෙන් වැඩිම කැප කිරීමක් සිදු කරන රට ශ්‍රී ලංකාව බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසනායක මහතා පවසයි.

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මඟින් අඹගමුව ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශයේ කුඩා තේ වතු හිමියන් 380 දෙනෙකුට පාංශු සංරක්ෂණය සඳහා රුපියල් ලක්ෂ 6ක චෙක්පත් ලබාදීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යය නවින් දිසානායක මහතා කියා සිටියේ මුදල් අමාත්‍යයවරයා මෙවර අයවැයෙන් ජනතාවට සහන රැසක් ලබාදෙන බවට තමන් තුළ විශ්වාසයක් ඇති බවයි.

ඉදිරියේදි මුලින්ම පවත්වන්නේ  ජනාධිපති මැතිවරණයක් බවත්, එම මැතිවරණයට මුහුණ දිමට එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් බව නවින් දිසානායක මහතා කියා සිටියේය.

දුෂිතයන්ට,සොරුන්ට සහ බේබද්දන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට කථික බලය ලබාදෙන්නේ මේ රටේ ජනතාව බවත්, එ සඳහා ඡන්ද දායකයාට අයිතියක් තිබෙන බවත්, අමාත්‍යය නවින් දිසානායක මහතා පැවසීය.

මේ රට තුළ තේ සදහා තවදුරටත් ලෝකයේ ඉහළම පිළිගැනිමක් තිබෙන බවත්, ශ්‍රි ලංකාවෙන් අපනයනය කරන තේ වලට රසායනික ද්‍රව්‍යය මිශ්‍ර කරන තේ නිෂ්පාදකයන් කෙරෙහි තමන් දැඩි විමසිල්ලෙන් සිටින බවත්, එම තේ නිෂ්පාදකයන්ට එරෙහිව දැඩි පියවරක් ගන්නා බව අමාත්‍යය නවින් දිසානායක මහතා කියා සිටියේය.

Read more

Local News