ක්‍රිකට් ක්‍රීඩාවේ කනගාටුදායක දිනයක් ගැන මහේල කියයි

Share

ශ්‍රී ලංකාට් හොඳම පුත්‍රයෙක්ට වසර දෙකක ක්‍රිකට් තහනමක් වැටීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කනගාටුදායක දිනයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මහේල ජයවර්ධන පවසයි.

සනත් ජයසූරියට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පැනවූ වසර දෙකක ක්‍රිකට් තහනම පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ආදරය කරන කිසිවෙක් හෝ සිටීනම් එය ආරක්ෂා කරගෙන ඉදිරි පරම්පරාව වෙනුවෙන් දායද කිරීම සඳහා දූෂිණ හෙළිකිරීමට කටයුතු කළ යුතු බවද මහේල පවසයි.

Read more

Local News