මානව හිමිකම් සැසිවාරයට සහභාගි වීමට අණ්ඩුවට බියක්

Share

මෙවර එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සැසිවාරයට සහභාගි විමට පෙර හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගෙන එමඟින් ජාත්‍යන්තරය සතුටු කිරීමට වත්මන් ආණ්ඩුව සූදානමින් සිටින බවට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි.

ඊයේ (26) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සැසිවාරයට සහභාගි වීම සඳහා අණ්ඩුවට බියක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා මහතා පෙන්වා දෙයි.

මේ අතර යුක්තියට හඬක් සංවිධානය අද කොළඹ කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක් වෙමින් සම්මාන රදගුරු ගරු ශාන්ත ෆ්‍රැන්සිස් පියතුමා ද මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඉල්ලා සිටියේ ලංකාවේ අනන්‍යතාවයට අත තැබීමට එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාවට අයිතියක් නොමැති බවයි.

Read more

Local News