පළාත් කිහිපයකට සවස් කාලයේ තදවැසි

Share

දිවයිනේ දකුණු අර්ධයේ අහස වළාකුලින් බරව පවතිනු ඇතැයි බලාපොරොත්තුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර පළාතේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇතිවේ.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් මාතර, හම්බන්තොට, කළුතර, කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 පමණ තරමක් තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News