යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීම සඳහා ලබාදී තිබූ කාලය අද(28) දිනෙන් අවසන් වන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ලියාපදිංචියෙන් පසු හදුනාගැනීම සඳහා විශේෂ බලපත්‍රයක් සහ අංක තහඩුවක් නිකුත් කෙරෙන බව ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.
පරිසරය රැකගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ගෙන යනු ලබන වැඩපිළිවෙලට අදාළව මෙම කටයුත්ත සිදුකරනු ලබයි.
ඒ අනුව ගස් කැපීම සඳහා භාවිත කරන කුඩා සහ විශාල ප්‍රමාණයේ යාන්ත්‍රික කියත් බලපත්‍ර නොමැතිව ළඟ තබාගන්නා පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද නියමිතයි.