හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

Share

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (02) දිනයේ පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත.

ඒ අනුව හෙට පෙරවරු 09.00 සිට ඉරිදා පස්වරු 03.00 දක්වා කොළඹ 13,14 සහ 15 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

මීට අමතරව කොටුව සහ පිටකොටුව ප්‍රදේශවලට ද එම කාලය තුළ ජලය සැපයෙන්නේ අඩු පීඩනයක් යටතේ බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය ප්‍රකාශ කළේය.

Read more

Local News