අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් අඛණ්ඩ වැඩ වර්ජනයක

Share

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට දුම්රිය රියදුරන් තීරණය කර ඇත.

ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ දුම්රිය රියදුරන් බදවා ගැනිමේ පටිපාටිය උල්ලංඝණය කරමින් දුම්රිය සේවකයින් පිරිසක් බදවා ගැනීමට විරෝධය පල කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවය.

මෙම වර්ජනය සඳහා දුම්රිය නියාමකවරුන්, දුම්රිය පාලකවරුන් සහ දුම්රිය ස්ථානාධිපතිවරුන් ද සහයෝගය පල කර ඇති බව ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.

Read more

Local News