ලොව වායු දූෂණයෙන් ඉහළම නගරය ඉන්දියාවේ නවදිල්ලියට නිරිත දෙසින් වූ ගුරුග්‍රාම් නගරය බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙන බවට වාර්තා වෙයි.
තවත් ඉන්දීය නගර 6 ක් එලෙස වායු දූෂණයෙන් ඉහළ පළමු නගර 10 ට ඇතුළත් වන අතර, පාකිස්ථාන නගර දෙකක් සහ චීනයේ හොටන් නගරය ද ඒ අතර වෙයි.
මෙම අධ්‍යයනය මගින් වායු දූෂණය ගණනය කර ඇත්තේ මිනිසාගේ පෙනහළු තුළට සහ රුධිර සංසරණයට එක්වන ධූලි අංශු වායු ගෝලයේ පවතින ප්‍රමාණය අනුවයි.