විකුම්සිංහ රජු මෙන්න

Share

වත්මන් ආණ්ඩුවට අයවැය හිඟය පියවගන්න ක්‍රමයක් නොමැති බවත් මේ වසරේ ඩොලර් මිලියන 5.9ක් ණය පියවීමට තිබෙන බවත් ශ්‍රි ලංකා පොදු පෙරමුණ පවසයි.

මෙම ගැටළු සඳහා අණ්ඩුවට ඉතිරිව ඇති විසඳුම් වන්නේ අලුතින් මුදල් අච්චු ගැසීම, දේශිය ණය හෝ විදේශීය ණය ගැනීම, ලාභ ලබන ආයතන කිහිපයක් විකිණීම පමණක් බව එම පක්ෂයේ නියෝජිතයින් පැවසීය.

අද (05) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා මේ බව පැවසීය.

අටුව කඩලා පුටුව කඩනවා වගේ දේශිය ආර්ථකය පරදුවට තබමින්, බිංගිරියේ පොල් අක්කර 1200ක් කපා ආයෝජන කළාපයක් හදන්න සුදානම් වන්නේ වෙනත් කිසිම ආයෝජනයක් නොමැති බව නිස බවද ඔහු පැවසීය.

වී සඳහා නිෂ්චිත මිලක්වත් නොමැතිව වී මිලදි ගැනීමේ ක්‍රමවේදයක් හො නොමැතිව පරාක්‍රමබාහු යුගයක් ගැන ප්‍රකාශ කරන බව මන්ත්‍රීවරයා එහිදි ප්‍රකාශ කළේය.

එහිදි අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසුවේ Super පරාක්‍රමබාහු යුගයේ ඇස්බැන්දුම් අයවැය වත්මන් ආණ්ඩු ගෙන එන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවක් පැවත්වු බවත් දේශපාලන අර්බුදයක් නිසා ණය ගෙවීම ප්‍රමාද වුන බව ජාත්‍යන්තර අරමුදලට කියලා වසරකින් කල් ලබා ගෙන ඇති බවත් මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

බදු පැනවිම අනිවාර්යයෙන් සිදුවන බවත් අද ඉදිරිපත් කරන අයවැයෙන් බදු පැනවූයේ නැති වුවත් ඉදිරියේදි ගැසට් මගින් බදු පනවන බවද ඔහු ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ කියා අයවැය දෙකක් තම පාර්ශවය නොමැති බවත් තම පාර්ශවය සමස්ත අයවැයම පරාජය කිරීමටයි පියවර ගන්නා බවත් ඔහු පැවසීය.

එහිදි අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පැවසුවේ හයවෙනි පරාක්‍රමබාහු රජුගෙන් පසුව සහලින් රට ස්වයං පෝෂිත කළේ තමන් බව අග්‍රාමාත්‍යවරයා පැවසු බවත් එම නිසා අග්‍රාමාත්‍යවරයාව දැන් හැදින් විය යුත්තේ විකුම්සිංහ රජු ලෙස බවයි.

එමෙන්ම වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා පැවසුවේ ජාත්‍යන්තර ප්‍රමිතයේ කාන්තා යට ඇදුම් නිර්මානයේ සන්නාමය විදියටත් වික්‍රමසිංහ රජු ඉතිහාසගත වන බවයි.

Read more

Local News