විධායක ජනපතිධුරය අහෝසි කරන්න චන්ද්‍රිකා සහය දෙයි

Share

විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්නේ නම් තමා ඊට පූර්ණ සහයෝගය ලබා දෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසයි.

ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේදී මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරිය මේ බව සඳහන් කළේය.

හිටපු ජනාධිපතිනි පෙන්වා දෙන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිම සඳහා පළමු වරට යෝජනාවක් ගෙන එනු ලැබුවේ තමන් බවයි.

එමෙන්ම  මෙවර අයවැය මඟින් දිලිඳුකම තුරන් කිරීම සඳහා යෝජනා රැසක් ඉදිරිපත් කර ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය වැඩිදුරටත් පැවසීය.

Read more

Local News